අපි බොහෝ විට කාන්තාවන්ගේ කතා බහවලදී ඔවුනොවුන් තම තමන්ගේ ලෙඩ දුක් ගැනත් කතා වෙනවා. ඒ අතරේ තමන්ට ඇති වුණු රෝග තත්ත්ව වගේම ඒවා සුව වීමට කළ දේවල්, හමුවුණු වෛද්‍යවරු කවුද කියලා මොවුන් කතා වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවලදි අහන්නම ලැබෙන තත්ත්වයක් තමයි මේ අතේ ඇඟිල්ල දිග ඇරගන්න බැරිව ලොක් වෙන කතාව. අපි අද ඒ ගැන කතා කරමු.
බහුලව දක්නට ලැබෙන ටි‍්‍රගර් ෆින්ගර් (Trigger finger) රෝග තත්ත්වයේදී ඇති වන රෝගයේ ලක්ෂණය වන්නේ අතේ ඇඟිලි නැවීමට අපහසු වීමයි. ඒ කියන්නේ ඇඟිල්ල නවන විට එක් තැනකදී ඇඟිල්ල හිර වීමයි. ඉන්පසු දැඩි ආයාසයක් ගෙන නවන්න උත්සාහ කරන විට ක්‍ෂණියකින් එය නැවේ.
මෙම තත්ත්වය ඇති වන්නේ ඇඟිලි චලනය කිරීමට උපකාරී වන මාංශ පේශීවල කණ්ඩරාවල ඇති වන නොයෙකුත් වැදීම් නිසාය. මෙම මාංශ පේශී කණ්ඩරා චලනය වනුයේ කණ්ඩරා කොපුවක් තුළය. මෙම කණ්ඩරා කොපු තුළ ඇති වන ප‍්‍රදාහ තත්ත්ව නිසා නොයෙකුත් තැන්පත් වීම් එය තුළ ඇති වේ. එය ඔබ දන්නා කරගැට වැනි තත්ත්වයකි. මෙම තත්ත්ව නිසා කණ්ඩරාව චලනය වන විට එම ගැටය අසලදී කණ්ඩරාව කොපුව තුළ හිර වේ. මේ නිසා ඇඟිල්ල නවන්න හදන විට එක්තරා තැනකදී ඇඟිල්ල ලොක් වෙනවා නැතිනම් හිර වෙනවා මෙන් දැනේ. දැඩි ආයාසයක් ගෙන නවන විට එම හිරවෙන තැනෙන් එකවර කණ්ඩරාව නිදහස් වී චලනය වේ. එවිට ඇඟිල්ල නැවේ.
මේ ටි‍්‍රගර් ෆින්ගර් තත්ත්වයට හේතු ලෙස
උදෑසනට වැඩි වශයෙන් රෝග ලක්‍ෂණ පෙන්වන මේ තත්ත්වයේදී ඇඟිලි ලොක් වීමට අමතරව ඒ ඇඟිල්ල අල්ලට සම්බන්ධ වන තැන ඉහළට එසවුණු ගැටිත්තක් බෝහෝ විට දැකිය හැක. නැතිනම් තෙරපා බලා නිරීක්‍ෂණය කළ හැක. එම ගැටිත්ත තෙරපන විට අධිකව රිදුම් දේ. තවද ඇඟිල්ල අත්ලෙන් පිටතට දිග හරින විට එම ගැටිත්ත ළඟ වේදනාකාරී වේ. මේ රෝග තත්ත්වයට වෛද්‍ය සහ ශල්‍ය ප‍්‍රතිකාරවලට අමතරව භෞතචිකිත්සක ප‍්‍රතිකාර ඇති අතර බොහෝ විට වෛද්‍යවරු රෝගියා භෞතචිකිත්සක ප‍්‍රතිකාර සඳහා යොමු කරති. එවිට භෞතචිකිත්සකවරු රෝගියා ඇගයීමකට ලක් කර කළ යුතු භෞතචිකිත්සක ප‍්‍රතිකාර තීරණය කරති.
ටි‍්‍රගර් ෆින්ගර් (Trigger finger) භෞතචිකිත්සක ප‍්‍රතිකාර
බොහෝ විට ඉටි චිකිත්සාව (Wax therapy) ප‍්‍රථමයෙන් කරයි. එමගින් තාපයක් ලබාදේ. මෙහිදී ද්‍රව ඉටි ඇඟිල්ල සහ අල්ලට දමනු ලැබේ. එම ද්‍රව ඉටි ඝන ඉටි බවට පත් වන විට ඇති වන ශක්තිය ගුප්ත තාපය (Latent heat) ලෙස හඳුන්වයි. මෙම ගුප්ත තාපය මගින් රෝගියාගේ රුධිර ගමනාගමනය වැඩි වී අවශේෂිත ද්‍රව්‍ය උරා ගනී. එමගින් ගැටිත්ත අවශෝෂණය කිරීමට උදව් දේ. එමෙන්ම තාපය මගින් වේදනාවද අඩු වේ. ඒ අපගේ මොළයට වේදනාව ගෙන යන කිරණවලට වඩා වේගයෙන් තාප වෙනස ගෙන යන කිරණ යන බැවින් රෝගියාට වේදනාව ගැන දැනීම නවතී.
ඉන්ටර්ෆැරැන්ෂල් ප‍්‍රතිකාර ක‍්‍රම මගින්ද භෞතචිකිත්සකවරු මෙය පාලනය කරති. ඉටි චිකිත්සාව (Wax therapy) නැතිනම් අධෝරක්ත කිරණ (Infra Red) ඒ සඳහා ලබාදීමද කළ හැක. රෝගයේ අවධිය අනුව කෙටි තරංග (short wave) ලබාදීමද සමහර විට සිදු කරයි.
ඔබට මේ තත්ත්වය ඇත්නම් ගෙදරදී කළ හැකි ප‍්‍රතිකාරයක් ලෙස මද උණුසුම් වතුර කෝප්පයකට අත දමාගෙන විනාඩි 10 ක් පමණ සිට ඇඟිල්ල සම්බන්ධ වන අත්ලේ ඇති රිදුම් දෙන ගැටිත්ත අනෙක් අතේ ඇඟිල්ලකින් තෙරපාගෙන රවුමට රවුමට සම්භාහනය කරන්න. ඉන්පසු ඇඟිල්ල හොඳට දිග හැරගෙන තත්පර 30 ක් පමණ සිටින්න. මෙමගින් සුව නොවුනොත් භෞතචිකිත්සක අංශයට පැමිණ ප‍්‍රතිකාර ලබා ගත හැක.
ජාලිය උඩුවැල්ල
භෞතචිකිත්ස අධිකාරී
රිජ්වේ ආර්යා ළමා රෝහල
කොළඹ
Saru FM Media