අතුරුදන්වූ 15 හැවිරිදි දැරියක් සොයන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි

0
10

මීගහකොටුව රජයේ රැඳවුම් බාලිකා නිවාසයේ රඳවා සිටින ලද දැරියක් එම නිවාසයෙන් පලගොස් ඇති බවට එහි භාරකාර පාලිකාව විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව කුලියාපිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව, 2025.07.14 වන දින මෙම දැරිය අනාරක්ෂිතව සිටියදී හලාවත පොලිස් ස්ථානය මගින් භාරයට ගෙන හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හලාවත ප්‍රදේශයේම පිහිටි ළමා නිවාසයට ඇතුළත් කර තිබුණි.

එහිදී 2025.07.17 වන දින දැරිය නැවතත් එම ළමා නිවාසයෙන්ද පලා ගොස් ඇති බවට වාර්තා විය.

අතුරුදන් වූ දැරියගේ විස්තර

නම – විල්ලැෆ් ෆැන්සිස්කුගේ මයුමි ප්‍රාර්ථනා

වයස –  අවුරුදු 15

ලිපිනය – අංක 06 හේනේගෙදර, උඩුබද්දාව

දැරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකතන අංක :-

1. ස්ථානාධිපති කුලියාපිටිය – 071-8591263

2. පොලිස් ස්ථානය කුලියාපිටිය – 037-2281222

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here