පුංචි දැරිවියක් ගුරෙක් අතින් දූෂණය වෙනව…ඒ ළමයට පාසලෙන් අස්වෙන තැනට වැඩ සිදු වෙනව…ඒ ළමයව ටියුෂන් පංතියකදි තව ගුරෙක් ලැජ්ජ කරල අසරණ කරනව…මානසිකව වට්ටනව…මේ පුංචි කෙල්ල වේදනාව දරාගන්න බැරුව තට්ටු හයකින් බිමට පැනල මැරෙනව…
මොන කරුම රටක්ද මේ…
මොන මිනිස්සුද මේ රටේ ඉන්නෙ…
ඒකට ළමා හා කාන්තා කටයුතු ඇමතිගෙ උත්තරේ මොකක්ද ?
පෙත්සමක් ලියාගෙන එන්න කිව්වලු…
මේක මේ ළමයෙක් ඉස්කෝලෙකට ගන්න බෑ කීව වගේ ප්‍රශ්නයක්ද ?
පුංචි ළමයෙක්ට මෙහෙම දරුණු අපරාධයක් වුණාම පෙත්සම් ලියාගෙන දෙමව්පියන් තමන්ගෙ ලඟට එන්න ඕනෙ නෑ නෝනේ…
මම නං ඇමති මම යනව දෙමව්පියන්ගෙ කකුල් දෙක ලඟට…මේ මහ වැරැද්ද කරපු කාලකණ්ණින්ට පණිවිඩයක් දෙනව අපි ඉන්නෙ මැරුණත් ළමය ලඟ මිසක් තොපි එක්ක නෙවෙයි කියල…ජනතා නියෝජිතයො කියන්නෙ එහෙම මිනිස්සු…
නෙද්දකින් ඔබතුමියන් වගෙ ඇමතිල…
ලැජ්ජයි !
~ ලක්මාල් කුලසේකර
Saru FM Media