අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්ත

0
9


අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇති බව වතිකානය අද නිවේදනය කළා. 

88 හැවිරිදි වියේ පසු වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහනසේ වතිකානයේ කාසා සැන්ටා මාර්තාහි පිහිටි උන් වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ වී ඇති බවයි වතිකාන ප්‍රවෘත්ති සේවය නිවේදනය කළේ. 

16 වන බෙනඩික්ට් පාප් වහන්සේ ඉල්ලා අස්වීමෙන් පසු 2013 වසරේ මාර්තු මාසයේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එම තනතුරට පත් වුණා. 

එතැන් සිට වසර 12කට අධික කාලයක් උන්වහන්සේ ලෝක කතෝලික ජනතාවට නායකත්වය ලබා දුන්නා. 

1936 වසරේ දෙසැම්බර් 17 වනදා ආර්ජන්ටිනාවේදී උපත ලැබූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මුල් නම ජෝර්ජ් මරියෝ බේර් ගොග්ලියෝ වනවා. 

පාප් පදවියට පත් පළමු ලතින් අමෙරිකානුවා වන්නේ ද ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේයි. 

පෙනහළු ආශ්‍රිත නිව්මෝනියා රෝගී තත්ත්වය හේතුවෙන් දීර්ඝ කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ උන් වහන්සේ රෝහලෙන් පිටව ගියේ මීට සති කිහිපයකට පෙරයි. 

උන් වහන්සේ වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ ඊයේ දිනයේ පැවති පාස්කු දේව මෙහෙයට ද සහභාගී වී තිබුණා. 

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහනසේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමා මාධ්‍ය වෙත අදහස් පළ කළේ මෙලෙසයි.

 

Neth Sound · FR JUD 01

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ උපදෙස් ලබාදී ඇති පරිදි උන්වහන්සේගේ අවමංල්‍ය මෙහෙය ඉතා සරලව සිදු කෙරෙනු ඇති බවයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් කපිල විජේසූරිය මහතා පෙන්වා දුන්නේ. 

Neth Sound · SAMAN CANADA

 

     



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here