– අගෝස්තු 1 සිට 7 දක්වා යෙදෙන ජාත්‍යන්තර මව්කිරිදීමේ සතිය නිමිත්තෙනි –
උත්තරීතර මව් සෙනෙහස නිසාම මෙලොවට බිහි කරන කිරිකැටියා පෝෂණය කිරීමට මවගේ පියයුරෙහි නිපදවෙන මව්කිරි ජීවී දියරයකි. රුධිරයේ අන්තර්ගත රක්තාණු හැර සුදු රුධිරාණු සහ අනෙකුත් ජීවි ෙසෙල මව්කිරේ අඩංගු වෙනවා. කුස තුළ ගෙවූ දස මස මවගෙන් පෝෂිත දරුවා මෙලොවට බිහිවීමත් සමගම මව්කිරෙන් සිය පෝෂණය ලබයි. උපතින් පැය භාගයක් පමණ ගත වන විට මව්කිරි දීම අරඹන අතරම මවගේ පියයුරට ළං කළ විගස දරුවා කිරි උරා බීම අරඹයි. එවිට මවගේ මොළයට යන පණිවිඩය හරහා පියයුර උත්තේජනය වී (මවගේ මොලයේ පිටියුටරි ග්‍රන්ථියේ අපරභාගයෙන් නිපදවෙන පෝලැක්ටින් හෝමනය ශ්‍රාවය වීම හේතුවෙන්* කිරි නිපදවීම ඇරඹේ. මාස හයක් පුරා දරුවා මව්කිරෙන්ම පමණක් පෝෂණය කිරීමට අවශ්‍ය කිරි ප්‍රමාණය නිපදවීමේ හැකියාව මවක් සතුය. අමතර ආහාර සඳහා සිරුර සැකසෙන තෙක් දරුවා පෝෂණය වන්නේ මව්කිරෙන් පමණි. උස – මිටි, සිහින්- තරබාරු භේදයකින් තොරව දරුවෙකු බිහිකරන සෑම මවකටම මව්කිරි නිපදවීමේ උපරිම හැකියාව ඇත. සැබවින්ම මෙය ආදරයේ ප්රාතිහාර්යයක් බඳුය.
අලූත උපන් දරුවාට කිරි පෙවීමේදී,
මව්කිරේ පෝෂණය :
කොලස්ට්රම් – පියයුරෙන් මුලින් ස්රාවය වන ලා කහපැහැති ඝනකම ස්රාවයයි. එහි මවගේ ප්‍රතිශක්තිකරණ ප්‍රෝටීනවලින් අන්තර්ගතය. එසේම විටමින් ් බහුලය. කොලස්ට්රම් ස්රාවය වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් වුවද එමගින් දරුවාගේ ප්‍රතිශක්තිය වඩවමින් රෝගවලින් රැකගනී.
කොලස්ට්රම් අවසන් වූ පසුව නිපදවෙන ඝණත්වයෙන් අඩු අවර්ණ ද්‍රාවණයක් බඳු කිරෙහි 90% ක්ම දරුවාට අවශ්‍ය ජලය අන්තර්ගත වේ. එමගින් දරුවාට අවශ්‍ය ජල ප්‍රතිශතය ලැබෙන අතරම මුත්‍රා පිටවීම හොඳින් සිදු වේ. ඉන් පසුව ශ්‍රාවය වන කිරි ඝණකමින් වැඩි සුදු පැහැයකින් යුතුය. එමගින් නිසි පෝෂණයට අවශ්‍ය ප්‍රෝටීන් මේද සංඝටක දරුවාට හිමිවේ. වෛද්‍ය උපදෙස් අනුව එක් පියයුරක කිරි අවසන් වනතුරුම දරුවාට ඉරීමට අවස්ථාව සැලසිය යුතුවන්නේ මේ නිසයි.
Saru FM Media