අතිඋතුම් දළදා මාළිගාවට මේ අවනම්බුව කරන්න එපා! ප්‍රදර්ශනය අවසන් වෙලා සතියක් ගිහිල්ලත් පාළම එතනමයි! PHOTOS I Sri Lanka Latest News

0
2


මේ ඔබ දකින ස්ථානය මීට දින අටකට පෙර ලක්ෂ ගණන් බැතිමතුන්ට ශ්‍රී දළදා වන්දනාව සදහා ගමන් පහසුකම් සැපයූ එම දළදා වන්දනාව වෙනුවෙන් විශේෂයෙන් සැකසූ ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන පිවිසුමට ඉහළින් තාවකාලිකව තැනූ යකඩ ගුවන් මාර්ගයයි. Sri Lanka Latest News

දළදා වන්දනාව අවසන් වී දින අටක් ගෙවී ගොස් තිබුණු ද මේ දක්වා එය ගලවා ඉවත් කර නොමැත.දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන් ලක්ෂ ගණනකක් නිරතුරුව පැමිණෙන සංචාරක ආකර්ෂණය දිනා ගත් මේ ලෝක උරුම භූමිය මෙසේ යකඩ ගොඩවල් තව කොපමණ කාලයක් තිබේදැයි ජනතාව ප්‍රශ්නය කරති.

මෙම ස්ථානයට පැමිණෙන බොහෝ සංචාරකයන් මෙහිදී ශ්‍රී දළදා මාළිගාවේ ඡායාරූප ගන්නා බැවින් ශ්‍රී දළදා මාළිගාව පවතින තත්ත්වය පිළිබඳව මුලුමනින්ම වැරදි වැටහීමකින් ලෝකයට යන බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

එපමණක් නොව වැව රවුමේ ස්ථාන කිහිපයකද තැනූ ආවරණය පවා මේ දක්වා ඉවත් නොකිරීම හේතුවෙන් එහි සුන්දරත්වයට මෙන්ම මගී ජනතාව විශාල පීඩා ඇති කරයි.

Kandy Prime News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here