අත්හදා බැලූ දෙළුම් විශේෂ 2කින් සාර්ථක ප්‍රතිඵල

0
2

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ අත්හදා බැලූ නව දෙළුම් විශේෂ 2කින් සාර්ථක ඵලදාවක් ලබාගැනීමට හැකිව තිබේ.

‘මලී පින්ක්’ සහ ‘ලංකා රෙඩ්’ ලෙසින් නම්කර තිබෙන මෙම දෙළුම් විශේෂ අම්බලන්තොට රුහුණු පැල තවාන යටතේ අත්හදා බැලූවකි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා (පර්යේෂණ) එල්. ජී. අයි. සමන්මලී මහත්මිය විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සභාවේ ප්‍රතිපාදනයන්ට අනුගතව සිදුකළ පර්යේෂණයකට අදාළව මෙය සිදුකර ඇත.

මෙම දෙළුම් විශේෂ හම්බන්තොට ඇතුළු ප්‍රදේශ කිහිපයක වගා කළ හැකිබව අනාවරණය කරගැනීමට හැකිව ඇත.

මෙම නව දෙළුම්  විශේෂ දෙක මෙරට තුළ වගාකිරීම මගින් ඉන්දියාව ඇතුළු විදේශ රටවලින් මෙරටට ගෙන්වනු ලබන දෙළුම් ප්‍රමාණය අඩුකර ගැනීමට හැකිවනු ඇති බව සඳහන්.

එමෙන්ම මෙම දෙළුම් විදේශ වෙළෙඳපොළට යැවීම මගින් විදේශ විනිමය ලබාගැනීමට හැකියාවක් ද පවතින බවද පර්යේෂකයින් පවසයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here