සාරියක් අඳින විට පිරිපුන් ලැමක් තිබීම සහ මහත අත්ගොබ තිබීම නිසා සමහර තරුණියන් අපහසුතාවයට පත් වෙනවා.මේ තත්ත්වයන් පාලනය වන ලෙස සාරි ජැකට් එක සකස් කර ගන්නා ආකාරය තමයි අද අපි ඔබට කියන්නේ.ඔබේ සිරුරේ හැඩයට හරියටම ගැලපෙන ආකාරයට සාරි ජැකට් එක සකසා ගන්න වැදගත් වන ටිප්ස් කිහිපයක් තමයි මේ
තනි පැහැ සරල වර්ණයන්ගෙන් සාරි ජැකට් එක සකසා ගන්න.එහි අත තරමක් සිරුරට තද වන සේ මැසීම ඔබේ අත් වල මහත සැඟවීමට හේතු වෙනවා.මේ විලාසිතාව ඔබට සාමාන්‍ය ගමනකට සහ රැකියාවට වුණත් මනාව ගැළපෙන්නක්.ක්‍රොප් ටොප් එකක් ලෙස සාරි ජැකට් එක සකසා අත් දිගට මැසීමත් ඔබට ගැළපෙනවා.එසේ නැති නම් වැලමිට මට්ටමට අත් මැසීමත් ඔබේ අත්වල මහත සැඟවීමට හේතුවක්.අඩුම තරමේ අත් ගොබය වැසෙන තරමටවත් ජැකට් අත මසන්න.ඒ අත වඩාත් තදින් මැසීම තමයි ගැලපෙන්නේ.
ඔබ අත් රහිත බ්ලවුස් එකක් මසනවා නම් මේ ඡායාරූපයට අනුව deep cut එකක් සහිත බ්ලවුසයක් තෝරා ගැනීම තමයි සුදුසු වන්නේ.
තාමක් ගැඹුරු කරක් සුදුසුයි.නමුත් එහි ඕනෑවට වඩා විලාසිතා කරන්නට එපා.සරල වර්ක් එකක් ගැළපෙනවා.deep V කරක් සහිතව තරමක් එළිය වර්ණ සහිත රෙද්දකින් ජැකට් එක මැසීම මඟින් ඔබේ ලැමෙහි පිරිපුන් බව පාලනයකින් පෙන්වන්නට පුලුවන්
ඔබ සකසා ගන්නා සාරි ජැකට් එක ඉතා සරල මෝස්තර සහිත වීම ඔබේ සිරුරේ පිරිපුන් බව පාලනය කර පෙන්වීමට හේතුවක්.
සාරි ජැකට් එකේ අත විශාල බෝඩර් සහිත වීම,සාරි ජැකට් එකේ කරට heavy works යොදා තිබීම ඔබේ පෙනුම තවත් මහත කර පෙන්වන්නට හේතුවක්.ඒ නිසා එවැනි විලාසිතා වලින් වළකින්න.ලේස් විලාසිතා ආදියත් ඔබට ගැලපෙන්නේ නෑ.
ඔබේ සිරුරට ජැකට් එකක් මැසීමට වඩාත්ම ගැලපෙන්නේ silk,rayon,cotton,chiffon වැනි රෙදි වර්ගයි.stiff fabric වර්ග,වූල් රෙදි ආදියෙන් ජැකට් එක මැසීමෙන් ඔබේ සිරුරේ හැඩය තවත් විශාල කර පෙන්වන්නට ඉඩ තිබෙනවා
ඔබට තනි පැහැ වර්ණ තමයි වඩාත් හොඳින් ගැළපෙන්නේ.
නිල්,කළු,රතු,oxblood,තද කොළ පැහැති වර්ණ වලින් සකසා ගන්නා සාරි ජැකට් එකකට ඔබේ අත්වල සහ ළැමේ අනවශ්‍ය මහත අඩු කර පෙන්වන්නට පුලුවන්.
ගැඹුරට කැපූ කර තරමටම මේ විලාසිතා දෙකත් ඔබට ගැළපෙනවා.අත් දිගට මැසූ තද පැහැ තනි වර්ණයේ ජැකට් එකකට මේ විලාසිතා සහිත කරක් යෙදීම මඟින්ද ඔබේ සිරුරේ හැඩය ඔප් නංවා ගන්නට පුලුවන්.
පිරිපුන් ළැමක් සහ තරමක මහත සිරුරක් තිබීම ඔබේ රූමත් කමට කිසිම අයුරකින් බාධාවක් නෙවෙයි.ඒ නිසා හැකිතාක් ඔබේ පෙනුම ගැන විශ්වාසයෙන් ලස්සනට ඉන්න
Saru FM Media