අත්අඩගුට ගත් මත්ද්‍රව්‍ය සහ ගිනි අවි සහිත ධීවර යාත්‍රා දෙක ගොඩබිමට… – Saru News | සිංහල

0
3

මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් සමඟ පසුගිය 10 වනදා නාවික හමුදා භාරයට ගත් යාත්‍රා දෙක, මේ වනවිට දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් තිබේ.

එම යාත්‍රා දෙකේ මත්ද්‍රව්‍යවලට අමතරව නවීන පන්නයේ ගිනිඅවි 11ක් පමණ හමු වී ඇත. එම ගිනිඅවි අතර පිස්තෝල 08ක්, ඒවාට යොදන මැගසින්, T56 ගිනිඅවි 02ක් සහ M16 වර්ගයේ ගිනිඅවියක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

අදාළ ධීවර යාත්‍රා දෙකෙහි සිටි සැකකරුවන් 10 දෙනෙකුද නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී හොරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් බිලියන 10ක් බවට ඇස්තමේන්තු කර ඇත.

එහිදී මාධ්‍යට අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර,

“මේ ඔබ දකින්නේ ඉතාම හොඳන් සැලසුම් කරන ලද සහ දින ගණනාවක් මුහුදේ ආවේක්ෂණ කටයුතු කරන ලද මෙහෙයුමක ප්‍රතිඵල. ඒක එක රැයකින් කරපු දෙයක් නෙමෙයි. දේශීය මෙන්ම විදේශීය ආයතනවල සහාය ඇතුව කරපු දෙයක්. මත්ද්‍රව්‍ය, ගිනිඅවි, චන්ද්‍රිකා දුරකථන සහිත ධීවර යාත්‍රා 2ක්. මේකේ අරමුණ මොකක්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්.”

නාවික හමුදාව විසින් මේ වසරේ මේ දක්වා සිය භාරයට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බවටද පැවසේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here