අත්අඩංගුවට ගත් RMV ලොක්කා ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාරයට!

0
3

රෂිකා හෙන්නායක මාර්තු 28, කොළඹ LNW :

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වන කමල් අමරසිංහ මහතාව ලබන මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

කැබ් රථයක චැසි අංකය වෙනස් කර ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් වන විමර්ශන මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් ක්‍රියාත්මක කළ අතර ඉන් අනතුරුව මෙම නෛතික පියවර ගෙන ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සහ අධිකරණ ක්‍රියාමාර්ග ඉදිරියටත් සිදු වේ.

The post අත්අඩංගුවට ගත් RMV ලොක්කා ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාරයට! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here