ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරියක් ලෙස අවශ්‍යව සිටී ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව හෙට (15දා) දිනයේ මෙරටට රැගෙන එනු ඇතැයි පැවසේ.
ඇය අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ මෙරට විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් රාජතාන්ත්‍රීක අනුග්‍රහය යටතේ එරටදී සිදුකළ මෙහෙයුමකින් අනතුරුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අද (14දා) දහවල් කාලයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කීය.
පොලිස්පතිවරයාගේ ඍජු මැදිහත්වීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ පොලිස් කණ්ඩායමක් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ඉෂාරා සෙව්වන්දිව නේපාලයේ දී අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියේය.
ඉෂාරා සෙව්වන්දි සමඟ තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර මෙහිදී තවත් කාන්තාවක් හා කෙහෙල්බද්දර පද්මේගේ සමීපතයන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව ද හෙතෙම කීය. එම පිරිස අතර ඉෂාරා සෙව්වන්දිට රැකවරණය දුන් ද්‍රවිඩ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
ඉෂාරා සෙව්වන්දි මිද්දෙණිය ප්‍රදේශයෙන් ඉන්දියාවට පලා ගොස් ඇති අතර එයට බායි නැමැත්තා උපකාර කර ඇතැයිද වාර්තා වේ. ඒ සඳහා ඇය රුපියල් ලක්ෂ 65ක් පමණ වියදම් කර ඇත. ඉන්දියාවට පලාගොස් එහි සති තුනක පමණ කාලයක් ඇය රැඳී සිට ඇත.
ඉන් අනතුරුව ඉෂාරා බස්වලින් සහ දුම්රියෙන් පලාගොස් ඇති අතර දින 7කට පසුව ඇය නේපාලයට ළඟා වී ඇතැයි ද සඳහන්ය.
පසුව නේපාලයේ කඳුකර ප්‍රදේශයක තට්ටු නිවසක ඉහළ මහලේ රැඳී සිටිය දී ඊයේ (13) මෙලෙස අත්අඩංගුවට පත්ව තිබුණි.
මේ අතරල ඉෂාරා සෙව්වන්දිට ආදේශකයක් ලෙස යොදා ගත් වෙනත් කාන්තාවක් සඳහා ද විවිධ රටවලට පලා යෑමට හැකි වන අයුරින් පාස්පෝට් සකස් කර ඇතැයි ද මෙහිදී අනාවරණය වී තිබේ.
Saru FM Media