අතමිට සරු කරන ගෙවත්තට සිරිය කැන්දන පුංචි හිතවතා ගම්මිරිස්

0
11


කුළුබඩු අතර රැජිණ වන ගම්මිරිස්, ලෝකයේ පැරණිතම සහ වැදගත්ම කුළුබඩු වර්ගයකි. රසයෙන් ගුණයෙන් පොහොසත්, ඉහළ මිලක් ලබා ගත හැකි ගම්මිරිස් ඔබේ ගෙවත්තේම වගා කරගනිමින් අමතර ආදායමක් ද එක් කරගත හැකියි.

කුඩා ඉඩමක, ගෙවත්තක ගම්මිරිස්‌ වැල් කිහිපයක්‌ පහසුවෙන් වගා කර ගැනීමට හැකිය.  ගෙවතු වගා කිරීමේදී ගම්මිරිස් පඳුරු කිපයක් එකවර වගා කර ගැනීමෙන් ඵලදායීතාවය වැඩිකර ගත හැක. ගෙවත්තක පහසුවෙන්ම ගම්මිරිස් පැළ කීපයක් වගා කරගන්නට පහත කරුණු ඔබට උපකාරී වනු ඇත.

සරුවට වැඩුණු ගම්මිරිස් වැළකින් කපාගත් ඉති කිහිපයක් මැටි බඳුන් වල හෝ පොලිතීන් බෑග්වල සිටුවා සෙවනේ තබා නිති පතා හොඳින් ජලය එක්කරන්න. හොඳින් මුල් ඇද පැළවු පසු වැඩුණු පැළ ගෙවත්තේ ඇති ඉඩ කඩ අනුව සිටුවා ගන්න. ඉති  ප‍්‍රවේශමෙන් සිටුවා ගන්න. දිරාගිය කොළ රොඬු වලින් එය පුරවා කළුපස් එක් කොට පැළය ඉන්දවීම සුදුසු වෙ. සිටුවීමෙන් පසු මාස හයකට වරක්‌ වත් පොහොර දැමිය යුතුයි. නිසි ලෙස ගම්මිරිස් පඳුරු කප්පාදු කොට ගැනීමෙන් පළදාව නෙලා ගැනීම වඩාත් පහසු වේ. පළදාව නෙලා ගැනීමේ දී ගම්මිරිස් ඇට වෙන් වී බිමට වැටීමෙන් වළක්වා ගැනීමට කඩාගත් ගම්මිරිස් බිමට දමනවා වෙනුවට  කුඩා මල්ලකට එකතු කර ගත හැකියි.

ගම්මිරිස් කවදත් හොඳ වෙළෙඳ පොළක් තිබෙන කුළුබඩු විශේෂයක් වන නිසා ඔබගේ ගෙවත්තේ ගම්මිරිස් පඳුරු කිහිපයක් වවාගන්නට හැකි නම් ගෙදර ප‍්‍රයෝජනයට ගන්නට මෙන්ම ගම්මිරිස් අලෙවි කර අතමිට සරු ගන්නට ද පහසුවෙන්ම පුළුවන් .

ගෙවත්තේ සිටුවීමට සුදුසු උසස් වර්ගයේ ගම්මිරිස් පැළ ඔබට කෘෂි වෙළෙඳ ආයතනයකින් හෝ පැළ තවානකින් ඉතා පහසුවෙන් මිල දී ගන්නට පුළුවන්. කුළුබඩු වර්ග අතර ප‍්‍රමුඛස්ථානයක් හිමිකරගන්නා ඖෂධීය ගුණයන්ගෙන් යුත් ගම්මිරිස් පැලයක් ඔබගේ ගෙවත්තට එකතු කරගන්නට අමතක කරන්න එපා.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here