අණ නොතකා ධාවනය කළ වෑන් රථයට පොලිස් වෙඩි

0
1

නිට්ටඹුවේදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් ලුහුබැඳ ගොස් අද (01දා) අලුයම 1.15ට පමණ පොලීසියෙන් වෙඩි තැබීමක් සිදුකර තිබේ.

ගම්පහ කොට්ඨාශ පොලිස් යතුරුපැදි ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් නිට්ටඹුව – කටුනායක මාර්ගයේ උදම්මිට හංදියේ මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිට තිබුණි. පසුව සැකකටයුතු ලෙස වේයන්ගොඩ දෙස සිට නිට්ටඹුව දෙසට වෑන් රථයක් ගමන් කර තිබේ.

අදාළ වෑන් රථය නැවැත්වීමට පොලිස් නිලධාරීන් විසින් සංඥා කිරීමේ දී වෑන් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් යතුරුපැදි ඒකකයේ නිලධාරීන් වෑන් රථය පසුපස හඹා ගොස් නිට්ටඹුව නගරයේ ආලෝක සංඥා වැටී තිබිය දී වෑන් රථයේ ඉදිරිපස හා පිටුපස දකුණු ටයරයට ටී 56 ගිනිඅවියෙන් වෙඩිතැබීමක් සිදුකර තිබුණි.

අනතුරව වෑන් රථයේ සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතරල ඔවුන් අධික ලෙස බීමතින් සිට ඇති බවත් පොලීසිය පැවසීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here