අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිස් වෙඩි

0
2

නවත්වන ලෙස සංඥා කළද එම අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතර වැල්ලමඩම ප්‍රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් වෙඩි තබා තිබේ.

නොනවත්වා ධාවනය වු මෝටර් රථය පසුව මාතර ජනරාජ මාවතේ අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව පොලීසිය පැවසීය.

මෝටර් රථයේ පුද්ගලයින් දෙදෙනෙකු එම අවස්ථාවේ ගමන් කර ඇති අතර පසුව ඔවුන් පලාගොස් ඇති අතර මෝටර් රථයේ හිමිකරු හඳුනාගෙන ඇති බව සඳහන්ය.

පොලීසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here