මංගල උත්සවයක් හෝ වෙනත් උත්සවයක් ගැන ආරංචියක් ලැබුණම අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි “මොකක්ද මම අඳින්නේ” කියන එක. බොහෝ යුවතියන්ගේ තේරීම වන්නේ සාරි. නමුත් උත්සවයකට සාරියක් තෝරා ගැනීමේදී තරමක විශාල මුදලක් එයට වැය වීම බොහෝ දෙනෙකුට ලොකු ගැටලුවක්. ඒත් උත්සවයකට ලස්සනට නොයා ඉන්නත් බෑ.
ඉතින් ලොකු මුදලක් වැය නොකර ඒත් ඉතාම ලස්සනට සාරියක් හදා ගන්න මෙන්න මේ ටිප්ස් ඔයාට හරිම වැදගත් වේවි.
1.Floral printed metiral සාරිය ඔබට හොඳ පෙනුමක් ලබා දෙන සාරියක්. මේ රෙද්දකින් සම්පූර්ණ සාරියක් සකසාගෙන ජෝජට් මෙටීරියල් එකකින් ජැකට් එක හදා ගන්න ඔබට පුලුවන්.
2.ඒ වගේම සිල්ක් රෙද්දකින් සම්පූර්ණ සාරිය සකසා ගන්න ඔබට පුලුවන්. කඩා හැලෙන රෙද්දක් නිසා ඔබේ නාරි ලාලිත්‍ය ඉතා අපූරු ලෙස ඔප් නංවන්න ඒ සාරියට පුලුවන්. ඒ වගේම එක් පැත්තක් මැට් පෙනුමත් අනිත් පැත්ත සාමාන්‍ය සිල්ක් රෙද්දත් ඇති මැජිකල් මෙටීරියල් එකක් වෙළඳපොලේ පවතිනවා. මෙහි තියන අපූර්ව රහස මොකක්ද දන්නවද?
මේ එක රෙද්දකින් හදා ගන්න සාරිය ඔබට සාරි දෙකක් ලෙස දෙපැත්තටම අඳින්න පුලුවන්.
ඔබට සාරි ජැකට් සකසා ගැනීම ගැන මේ ලිපියෙන් අයිඩියාස් ගන්න හැකියාවක් තියෙනවා.
ඔබ ලස්සනට සාරියක් අඳිනකොට මේ කරුණුත් අමතක කරන්නම එපා
https://smartlady.lk/article/7300
මේ දවස්වල ට්‍රෙන්ඩ් එක පර්ල් බෝඩර්ස්.ඉතාම අඩු මිලට පර්ල් බෝඩර්ස් ඔබට සාරියට අල්ලා ගන්න පුලුවන්. මේවයින් ඉතා වටිනා පෙනුමක් සාරියට ලැබෙනවා.සාමාන්‍ය සාරියකට යාර නවයක් පමණ දිගැති බෝඩරයක් යොදා ගන්න ඕනෑ.
අපි මේ වගේ සාරියක් හදා ගන්න බ්‍රෑන්ඩඩ් ෂොප්ස් වලට යන්න ඇත්තටම අවශ්‍ය නැහැ. යන්න පිටකොටුවේ සාරි ලේන් එකේ රවුමක්. ඔබට රුපියල් පන්දාහක් වගේ මුදලකට ඉහත සාරි හදා ගන්න පුලුවන්. එහෙම නැත්නම් මහරගම පමුණුවේ සවාරියකටත් මේ මෙටීරියල්ස් ඉතා අඩු මුදලට ඔබට මිලදී ගන්න පුලුවන්
හැබැයි ලැබෙන්නේ ඉතාම වටිනා පෙනුමක්. අවශ්‍ය වෙන්නේ තෝරා ගැනීම සම්බන්ධයෙන් ඔබට තියන දැනුම සහ රසය. තමන්ට ගැළපෙන පාට සහ රෙද්ද ගැන අදහස හරියටම අරගෙන මේ විදියට අඩු මුදලට සාරියක් හදාගෙන ලස්සනට ස්මාර්ට් පෙනුමට ඉන්න!!
Saru FM Media