අට කෝටියක කුෂ් ගුවන් තොටෙන් අල්ලයි

0
10

රුපියල් අට කෝටි විසි දෙලක්ෂයක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද අත් අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි. 

සැකකරු දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි වියේ පසුවන, රාත්‍රී සමාජ ශාලාවක පෞද්ගලික ආරක්ෂකයෙකි .

ඔහු රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ පැකට් 08 ක් තුළ අසුරා , මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 220 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි.

(ලංකාදීප)

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here