පසුගිය දවස්වල සෝෂල් මීඩියාවල වැඩිපුරම වයිරල් වුණු නිවුස් එක මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් ‘මායාවී’ ටෙලියේ හිතෛෂීගේ චරිතය නිසා ඇතිවුණු පටලැවිල්ල උණු කැවුම් වගේ කවුරු කවුරුත් අහන බලන හොට්ම නිවුස් එක වුණා කියන කතාව ඕනෙම කෙනකුට දෙපාරක් හිතන්නේ නැතුව කියන්න පුළුවන්කම තිබුණා. Sri Lanka Latest News
පසුගිය දවස්වල කිව්වට, තවමත් ඒ ගොසිප් එක විටින් විට එහාට මෙහාට වයිරල් වෙනවා. කොහොම නමුත් හිතෛෂීගේ චරිතයේ පටලැවිල්ල කොයි විදියට සිද්ධ වුණාය කිව්වත් ඔන්න දැන් වෙනත් නිළියක් ඒ චරිතය භාර අරගෙන තියෙනවා. එයා ටෙලි තිරයට අලුත් කෙනෙක් නෙවෙයි. අපි කවුරුත් වගේ දන්න කියන එමාෂා සෙනෙවිරත්න තමයි හිතෛෂීට අලුතෙන් ඇවිත් ඉන්නේ. ඒ හින්දම එමාෂා ගැන පුංචි පුංචි තොරතුරු ටිකක් ගොසිප් එකට ලියන්න හිතුණා.
මුලින්ම කියන්න ඕනේ කොයික කෙසේ වුණත් එමාෂා හිතෛෂීගෙ කැරැක්ටර් එක භාරගත්ත එකට මායාවී නාට්‍ය කණ්ඩායමේ හැමෝම වගේ එයාට ස්තුති කළාලු. බොහොමයක් දෙනා අලුත් හිතෛෂීට හිටපු හිතෛෂීට තරම් මනාප නැතිලු. ඒ හින්දා ප්‍රශ්න නිරාකරණය කරගෙන හිටපු හිතෛෂීට ආයෙම එන්න කියලා මුහුණු පොත හරහා පණිවුඩ දානවලු.
ඒක එමාෂාගේ හිතට අවුලක් වෙන්නේ නැද්ද ඉතින්?
නැහැ. ඈ ඒ කතාවල අගමුල හොයන්න යන්නේ නැහැලු.
‘මම හිතෛෂීගෙ චරිතය භාරගත්තා. ඊට අවැසි උපරිම සාධාරණය මම ඉටුකරනවා…’
හිතෛෂීගේ චරිතය ගැන දහසකුත් එකක් ප්‍රශ්න අහන මාධ්‍යයට එමාෂා දුන්නේ ඒ වගේ තිර උත්තරයක්. එක අතකට අවසානයක් නැතුව නතරවෙන්න ගිය ටෙලිනාට්‍යයක මග නැවතුණු චරිතයක් ඈ භාරගත්ත එකත් අගය කළ යුතුයි.
මල්මි කෞෂල්‍යා
Saru FM Media