අගෝස්තු මස උද්ධමනය 1.5% ක් දක්වා ඉහළට

0
8

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ අගෝස්තු මස උද්ධමනය සියයට 1.5 ක් දක්වා වැඩි වී ඇත.
පසුගිය ජූලි මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට 0.7 ක් විය.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) 2025 අගෝස්තු මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරමින් මේ බව අනාවරණය කළේය.
එසේම 2025 ජූලි මාසයේ දී සියයට 2.2 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය, 2025 අගෝස්තු මාසයේ දී සියයට 2.9 ක් දක්වා වැඩි වී ඇත. එමෙන්ම, 2025 ජූලි මාසයේ දී සියයට ඍන 0.6 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 අගෝස්තු මාසයේ දී සියයට 0.4 ක් දක්වා ද වැඩි වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here