අගෝස්තු අග දී විදෙස් සංචිතය ඩොලර් බිලියන 6.2 යි

0
5

මේ වසරේ (2025) අගෝස්තු මස අවසානය වන විට දළ නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2ක මට්ටමේ පවත්වා ගැනීමට හැකිව ඇතැයි මහ බැංකුව පවසයි.

වෙළඳ හිඟය පුළුල් වීමක් සිදු වුව ද, සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් වර්ධනය වීම හේතුවෙන් විදේශීය අංශය ශක්තිමත් ව පැවතුණ බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය ශුද්ධ පදනමින් මිල දී ගැනීම හේතුවෙන්, ණය සේවාකරණ ගෙවීම් මධ්‍යයේ වුව ද, 2025 වසරේ අගෝස්තු මස අවසානය වන විට මෙසේ දළ නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2ක මට්ටමේ පවත්වා ගැනීමට හැකි වූ බවත් මහ බැංකුව අද (24 ) උදේ නිකුත් කළ නවතම මුදල් ප්‍රතිපත්ති විවිරණයේ සදහන් වේ.

 ශ්‍රී ලංකා රුපියල බොහෝ දුරට ස්ථායීව පවතියි. ණය ස්ථාවරත්වය ඉහළ යෑම තහවුරු කරමින්, ප්‍රධාන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ත්‍රිත්වය ම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම් මේ වන විට ඉහළ නංවා ඇති අව ද එහි සදහන් වේ.

මේ අතර, භූ දේශපාලනික අවිනිශ්චිතතා තවදුරටත් පැවතිය ද, ගෝලීය මූල්‍ය තත්ත්වය ලිහිල් වී ඇත. දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ උද්ගත වන ආර්ථික අවදානම් නිරීක්ෂණය කිරීම සහ ඒ සම්බන්ධ දත්ත ඇගැයීම මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් අඛණ්ඩව සිදු කරන බව ද එහි තවදුරටත් සදහන් වේ

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here