අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ධූරයට පත්වීමෙන් පසු සිය පළමු ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් ඊයේ (15දා) දින ඉන්දියාවේ නවදිල්ලි නුවරට පිටත්ව ගියාය.
ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වූ අග්‍රාමාත්‍යවරිය, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහීෂිනි කොලොන්නේ මහත්මිය, ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් පිළිගනු ලැබීය.
මෙම සංචාරය අතරතුරල දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අරමුණු කරගනිමින් අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලන නායකයින් කිහිප දෙනෙකු ද්විපාර්ශ්වික සාකච්ඡා’ පැවැත්වීමට නියමිතය.
Saru FM Media