අගමැති හරිනි මෝදි හමුවේ

0
23

ඉන්දීය නිල සංචාරයේ නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුව සිදුව තිබේ.

මේ සම්බන්ධව එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ගිණුමේ සටහන් කර ඇත්තේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය පිළිගැනීමට ලැබීම තමන්ට සතුටක් වන බවය.

මෙම හමුවේදී පුළුල් පරාසයක සාකච්ඡා සිදුකළ බවත් සමීප අසල්වැසියන් ලෙසදෙරටේ ජනතාවගේ සමෘද්ධිය මෙන්ම කළාපයේ සමෘද්ධිය සඳහා ඉමහත් වැදගත්කමක් ගනු ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිකුත් කර ඇති පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here