අගමැති හරිනිට තර්ජනාත්මක ඊ-මේල් පණිවිඩයක්

0
3


අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට විද්‍යුත් තැපෑල ඔස්සේ මරණීය තර්ජනයක් එල්ල වී ඇති බව පාර්ලිමේන්තුවේදී අද අනාවරණය කළා. 

පාර්ලිමේන්තුවේ පැවති නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ පැවති නියමන් විවාදයට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ අදාළ මරණීය තර්ජනය සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. 

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් ස්නයිපර් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිළි කළා.

Neth Sound · PRL ANANDA 03

සංවිධානාත්මක අපරාධ කල්ලි 10ක් සමඟ හිටපු මැති ඇමතිවරු සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරු සම්බන්ධතා පැවැත් වූ බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළා.

Neth Sound · PRL ANANDA 02

විවාදයට එක් වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සම්බන්ධතා පැවැත් වූ දේශපාලන පක්ෂවල නම් හෙළි කරන ලෙසයි.

Neth Sound · PRL DAYASRI BIMAL 04

සජිත් ප්‍රේමදාස මහතා ද විවාදයට එක්වෙමන් රට තුළ සිදුවන වෙඩි තැබීම් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

Neth Sound · PRL SAJITH 01

එම විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ද රටේ නීතිය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.

Neth Sound · PRL CHAMARA 5



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here