අගමැති ලෝක ආර්ථික සමුළුවේ ඉහළ පෙළ නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වෙයි… – Saru News | සිංහල

0
4

ජනවාරි 20 වන දින ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැති ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ලෝක ආර්ථික සමුළුවේ  ඉහළ පෙළ නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.

එහිදී ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් Jozef Síkela සමඟ  ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූ අගමැති, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව ශක්තිමත් කරමින් දෙපාර්ශවයේ හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම කෙරෙහි අවධානය යොමු කෙරිණ.

අනතුරුව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය WEF කොන්ග්‍රස් මධ්‍යස්ථානයේදී ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති සහ සභාපති වන Masato Kanda මහතා හමුවිය. ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවත්නා සම්බන්ධතාවය සහ අනාගත සහයෝගීතාවය ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.

Menzies ගුවන් සේවා සමාගමේ සභාපති Hassan El Houry මහතා සමඟ සාකච්ඡාවකට එක් වූ අග්‍රාමාත්‍යතුමිය එහිදී ගුවන් සේවා කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවකද නිරත වූවාය. 

ලෝක ආර්ථික සංසදයට සමගාමීව Davos, Piz Buin හි Euronews Hub හි පැවති ගෝලීය සංචාරක සංසදයේ ඉහළ පෙළ සංවාදයකටද අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී විය.

මෙම අවස්ථාවට කම්කරු ඇමති සහ මුදල් නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්තද සහභාගී වී සිටියේය.