අගමැති මෝදි ශ්‍රී ලංකා භූමියට ආගන්තුකයෙකු නෙවෙයි – ජනපති අනුර

0
12


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා භූමියට ආගන්තුකයෙකු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මෙරට නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් ඊයේ (04) රාත්‍රියේ පැවති විශේෂ භෝජන සංග්‍රහයට එක්වෙමින් නුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

කලාපීය බලවතෙකු පමණක් නොව ගෝලීය වේදිකාවේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස ඉන්දියාවේ නැඟී සිටීම පිළිබඳව ශ්‍රී ලංකාව අතිශය සතුටට පත්වන බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

ශ්‍රී ලාංකිකයින්, සියලුම අමුත්තන් ඉතා උණුසුම් ලෙස වැළඳගන්නා බවත්, ඒ අතුරින් පෝක් සමුද්‍ර සන්ධිය හරහා සිටින මිතුරන් ශ්‍රී ලාංකිකයින්ගේ හදවතේ උණුසුම්ම තැනින් වැළඳගන්නා බවයි ජනධිපතිවරයා පැවසුවේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ යහපත් සෞඛ්‍ය, ඉන්දීය ජනතාවගේ අඛණ්ඩ ප්‍රගතිය සහ සමෘද්ධිය සහ රටවල් දෙක අතර වර්ධනය වන සහයෝගීතව සහ මිත්‍රත්වය හා උදාර අපේක්ෂාවන් වෙනුවෙන් උණුසුම් හදවතින් ආශිර්වාද කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here