අගමැති නැදිමාල විෂ්ණු කෝවිලට යයි

0
16


දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ අපේක්ෂක කණ්ඩායමේ නායක හිටපු අතිරේක සර්වේයර් ජනරාල් , ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික, පැරකුම් ශාන්ත මහතා ඇතුළු නියෝජිත පිරිසක් සිදු කළ ආරාධනයකට අනුව අප්‍රේල් 14 දින නැදිමාල, ශ්‍රී වෙංකටේශ්වර මහා විෂ්ණු මූර්ති කෝවිලෙහි පැවති ආශිර්වාද පූජාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්වී තිබෙනවා .

එහිදී ලැබුවා වූ නව වසරට හින්දු ආගමානුකූල ආශිර්වාද එක් කෙරුණු බවයි සඳහන් වන්නේ .

මෙම අවස්ථාවට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ජාතික ජන බලවේග අපේක්ෂක කණ්ඩායමේ සාමාජිකයන් වන ලලිත් සිරිනිමල්, අසේල ෆොන්සේකා, අකලංක සේරසිංහ, දමිත් ජයවර්ධන, ජයන්ත ගුණරත්න, ලක්ෂ්මන් ගම්ලත්,සරත් ධම්මික, දිනේෂ් සෝමතිලක, කුලසිංගරාසා රමණන්, රමණි අලකොලංග, රස්මිනා හසන්, කුමාරි කරුණාජීව, යාලිනී රාජරත්නම් යන මහත්ම මහත්මීන් සහභාගී වී තිබෙනවා .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here