ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (16 දා) උදෑසන දිල්ලියේදී හමු වූ බවත් එහිදී ශ්‍රී ලංකාවට ඉන්දියාවේ අඛණ්ඩව සහයෝගය දැක්වීම පිළිබඳව සාකච්ඡා කළ බවත් ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසයි.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය හමුවීම ගැන සිය එක්ස් ගිණුමේ සටහනක් තබා ඇති ආචාර්ය එස්. ජයිශංකර් මහතා මේ බව සඳහන් කර ඇත.
මෙහිදී අධ්‍යාපනය හා සහ ධාරිතා වර්ධනය සඳහා දෙරටේ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳවද සාකච්ජා කළ බවත් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට ලැබීම සතුටක් බවත් එම පණිවිඩයේ තවදුරටත් දැක්වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Saru FM Media