ජපාන ආරක්ෂක අමාත්‍ය, ගෙන් නකටානි මහතා අද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවී තිබෙනවා.
ඒ, අරලියගහ මන්දිරයේදීයි.
එහිදී දිගුකාලීන ද්විපාර්ශ්වික මිත්‍රත්වය යළි තහවුරු කර ඇති අතර ආරක්ෂක කටයුතු සහ කලාපීය ආරක්ෂාව යන ක්ෂේත්‍රවල ජපානය සහ ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි ද අවධානය යොමුව තිබෙනවා.
එහිදී ඉන්දු – පැසිෆික් කලාපය පුරා සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා වන ප්‍රයත්නයන් සඳහා ජපානයේ සහයෝගිතාවය ජපන් ආරක්ෂක අමාත්‍යවරයා විසින් තහවුරු කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ.
සමුද්‍රීය ආරක්ෂාව සහ කලාපීය සම්බන්ධතාවයන් හීදී ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම ද අමාත්‍යවරයා විසින් අවධාරණය කර තිබෙනවා.
මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය ලබාදෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් අග්‍රාමාත්‍ය, අචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සිය කෘතඥතාව පළ කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ.
විනිවිදභාවය, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික පරිවර්තනය සඳහා රජයේ කැපවීම ද අග්‍රාමාත්‍යවරිය නැවත වරක් අවධාරණය කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ දේශගුණික ප්‍රතිචාර, මානුෂීය ආධාර සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි වගකීම් ද ඇතුළත් කරමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ගේ කාර්යභාරය පුළුල් කිරීම සඳහා වන රජයේ ඉදිරි දැක්ම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය එහිදී අදහස් හුවමාරු කරගත් බවයි.
වෙළඳාම, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයේ අවස්ථා ඇතුළු ප්‍රධාන අංශ පහක් හරහා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීමට දෙපාර්ශවයම එහිදී එකඟ වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා සහ ජපානය හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එම රැස්වීමට සහභාගී වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.
Saru FM Media