මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනයෙන් “2025 කාන්තා ගෝලීය නායකයන්ගේ සමුළුවට” සහභාගි වීම සඳහා ඊයේ (12දා) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය චීනයේ බීජිං වෙත ළඟාවූවාය.
චීන ජාතික ගුවන්විදුලි සහ රූපවාහිනී පරිපාලන ඇමැති ක්‍්ද ීයමපසබ මහත්මිය විසින් අග්‍රාමාත්‍යවරිය එහිදී පිළිගනු ලැබුවාය. සංචාරය අරඹමින් අග්‍රාමාත්‍යවරිය චීනයේ තහනම් නගරය සහ චීන මහා ප්‍රාකාරය නැරඹීමට ද ගොස් ඇත. යුනෙස්කෝ ලෝක උරුමයක් වන තහනම් නගරය (මාලිගා කෞතුකාගාරය) අධිරාජ්‍ය ගෘහ නිර්මාණ ශිල්පය සහ ජාතික වශයෙන් සංරක්‍ෂිත එකතුවක් වන අතර චීනයේ ඓතිහාසික ශිල්පීය වටිනාකම විදහා දක්වන චීන මහා ප්‍රාකාරය චීනයේ සංරක්‍ෂිත සංකේතය වේ.
අගමැතිනිය 2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයන්ගේ සමුළුවට සහභාගි වන අතර චීන ජනාධිපති ෂී ජිං පිං සහ මහජන චීන සමූහාණ්ඩුවේ අග්‍රාමාත්‍ය ලී චියැං සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
චමින්ද සිල්ව
Saru FM Media