අගමැතිනියගේ ආරක්ෂාව පිළිබඳ පොලීසියේ දැඩි අවධානය

0
3


අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට ඊ-මේල් පණිවිඩයක් හරහා එල්ල වූ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානයක් යොමුව ඇති බව වාර්තා වනවා. 

ඒ අනුව අග්‍රාමාත්‍යවරියගේ දෛනික ගමන් මාර්ග පිළිබඳව ද වැඩි අවධානයක් යොමු කර ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරිය විසින් ආරක්ෂ අංශය වෙත පවසා ඇත්තේ අදාළ සිදුවීම පිළිබඳ නිසි සොයා බැලීමක් සිදුකර දැනට ලබාදී ඇති ආරක්ෂාව ද අවම කරන ලෙසයි.

මේ අතර අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට ඊ-මේල් පණිවිඩයක් හරහා එල්ල වූ තර්ජනය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ද ඊයේ අදහස් පළ වුණා. 

එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ අදාළ මරණීය තර්ජනය සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. 

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් ස්නයිපර් ප්‍රහාරයක් එල්ල කරන බවට මීට පෙර පොලීසියට ලැබී තිබූ තොරතුර සම්බන්ධයෙන් එහිදී අදහස් පළ වුණා.

Neth Sound · PRL ANANDA 03



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here