අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන එජාපයෙන් නිවේදනයක්!

0
2

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ඝාතන සිදුවීම ඇතුළුව නීතිය හා සාමය පිරිහීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වහාම ඉල්ලා අස්විය යුතු බවයි එක්සත් ජාතික පක්ෂය එමඟින් පවසන්නේ.

පසුගිය වසරේදීද මෙවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වූ අතර වැඩිවන ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට විෂය භාර අමාත්‍යවරයා අපොහොසත් වී ඈති බවද එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

ඒ අනුව මෙම ඝාතන සම්බන්ධයෙන් ගතයුතු තීරණාත්මක ක්‍රියාමාර්ග කිහිපයක් ගැන එජාපය කරුණු දක්වා ඇත. නිල නීතිඥ මණ්ඩලයේ ප්‍රධානී ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කර මෙම කාරණය විමර්ශනය කිරීම සඳහා සුදුසු පොලිස් කණ්ඩායමක් පත්කළ යුතු බව දක්වා තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කැමැත්ත ද ඊට ලබා ගත යුතු බව එජාපය දැනුම් දෙයි.

නිසි ආරක්ෂාව ලබාදීම සහතික කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය නීතිඥයින් හට උපරිමයෙන් සහාය ලබාදෙන බවද එම නිවේදනයේ දක්වා තිබේ.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.

The post අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන එජාපයෙන් නිවේදනයක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here