අකුරැස්ස – දෙනියාය මාර්ගයේ ගමනාගමනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්

0
6

අකුරැස්ස – දෙනියාය ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධයෙන් පොලීසිවෙන් නිවේනදයක් නිකුත් කර තිබේ.

කොස්මෝදර පොලිස් වසමේ ගැටබරු මහා විහාරයේ ඇසල පෙරහැර වෙනුවෙන් මෙලෙස රථවාහන ගමනාගමනය සීමා කර ඇත.

ගැටබරු මහා විහාරයේ ඇසල පෙරහැර අද (06) සිට හෙට (07) දින දක්වා අකුරැස්ස – දෙනියාය ප්‍රධාන මාර්ගයේ පහත පරිදි වීථි සංචාරය කිරීමට නියමිතව ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව, අද (06) දින සහ හෙට (07) දින දක්වා සෑම දිනකම රාත්‍රී 0800 සිට මධ්‍යම රාත්‍රී 1200 දක්වා පෙරහැර වීථි සංචාරය කිරීමට සැලසුම් කර ඇත.

එබැවින් එම පෙරහැර ගමන් ගන්නා කාලය තුළ අකුරැස්ස දෙනියාය ප්‍රධාන මාර්ගය භාවිතා කරන මහජනතාව සහ රියදුරන් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

විකල්ප මාර්ග

  • අකුරැස්ස දෙස සිට දෙනියාය දෙසට ගමන් කිරීමේදී ගල්දොල හන්දියෙන් හරවා බෙන්ගමුව මාර්ගය හරහා කොස්මෝදර දෙසට ගමන්කළ හැක.
  • දෙනියාය දෙස සිට අකුරැස්ස දෙසට ගමන් කිරීමේදී දියදාව ටී.ආර්.අයි. හන්දියෙන් හරවා කොරව මාර්ගයෙන් කොස්මෝදර මාර්ගයට පැමිණිය හැක.
     

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here