අක්ෂාර් පටෙල්ට ලක්ෂ 12ක දඩයක්

0
26


දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායක අක්ෂාර් පටෙල්ට ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් නියම කර තිබෙනවා.

දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩාංගණයේ දී ඊයේ (13) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී මන්දගාමී ඕවර අනුපාතයක් පවත්වාගෙන යාම හේතුවෙන් පටෙල්ට මෙම දඩ මුදල පැනවීමටයි ඉන්දීය ක්‍රිකට් ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළේ.

අයි.පී.එල් හි චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තිය යටතේ, අවම ඕවර් අනුපාතයේ වැරදි සම්බන්ධයෙන් කණ්ඩායමේ නායකයාට ලක්ෂ 12ක දඩයක් පනවනු ලබනවා.

මේ අතර මෙවර අයි.පී.එල් තරගාවලියේ දී දිල්ලි කණ්ඩායම ලැබූ පළමු පරාජයට මුහුණදීමට ඔවුන්ට සිදුවුණේ ඊයේ (13) පැවති තරගය මුම්බායි කණ්ඩායම ලකුණු 12කින් ජයගැනීමත් සමඟයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here