යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමඟ ඒකාබද්ධව සිදුකල වැටලීමකින් කොස්ලන්ද පොලිස් වසමට අයත් ඉලුක්පැලැස්ස, ඉලුක්තැන්න ප්‍රදේශයේ අක්කර 08ක පමණ භූමි ප්‍රමාණයක වගා කරන ලද ගංජා හේන් කිහිපයක තිබූ ගංජා ගස් ලක්ෂ 07 ට අධික ප්‍රමාණයක් විනාශ කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව අක්කර 2.5 ක ඉඩම් දෙකක්, අක්කර 2 ක එක් ඉඩමක්, අක්කර 1 ක එක් ඉඩමක්, අක්කර 0.5 ක ඉඩමක්, අක්කර 0.25 ක පමණ එක් ඉඩමක් ආදී වශයෙන් මෙම වගාව සිදු කර තිබේ.
මීට අමතරවල කැලෑව තුළ වියලීමට සකසන ලද ගංජා කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගන්නා ලදි. මේ පිළිබඳ ඉදිරි පරීක්ෂණ කටයුතු කොස්ලන්ද පොලිසිය විසින් සිදු කරනු ලබයි.
Saru FM Media





