අක්කර එක හමාරක මහා පරිමාණ ගංජා හේනක් තණමල්විල පොලීසියෙන් වටලයි

0
10


අක්කර එකහමාරක මහා පරිමාණ ගංජා හේනක් තණමල්විලදී පොලිසිය විසින් වටලා තිබෙනවා. 

තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල හම්බෙගමුව අරබේකෙම ප්‍රදේශයේ උණකන්ද රක්ෂිතයේ සිදු කළ එම වැටලීමේදී සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේග එම ගංජා හේනේ වගා කර තිබී ගංජා ගස් 25,000ක් සොයාගෙන තිබෙනවා. 

එම ගංජා ගස්වල වටිනාකම රුපියල් ලක්ෂ එකසිය පනහකට ආසන්න බවයි අනාවරණ වී ඇත්තේ. 

වැටලීමෙන් පසු ගංජා ගස් සියල්ලම ගිනිතබා විනාශ කිරීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ. 

අත්අඩංගුවට ගත් සැකකරු හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51ක පුද්ගලයෙක්.
 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here