අංක විද්‍යාවෙන් ඔබේ පුද්ගලික ජීවිතයේ අරුම පුදුම රහස්

0
11

අංක විද්‍යාව යනු හුදෙක්ම ගණිතමය විද්‍යාවක් බව දැන් ඔබ දන්නවා.

විද්‍යාවක් යනු පරීක්ෂණ, නිරීක්ෂණ, තුළින් යම්කිසි නිගමනයකට එළැඹිය හැකි සත්‍යයක්.

මෙම අංක විද්‍යාවත් එවැනිම සත්‍යයක් වන්නේ අප කිසිසේත් මුහුණට මුහුණ නොදුටු ඕනෑම පුද්ගලයෙකුගේ “උපන්දිනය” සහ එම පුද්ගලයා හඳුන්වනු ලබන “නම ” පමණක් උපයෝගී කර ගනිමින් ජීවිතයේ සම්පූර්ණ විග්‍රහයක් ලබාගැනීමට ඇති හැකියාවයි.

ඒ සඳහා එම පුද්ගලයාගේ උපන් වෙලාව, නැකත සහ කේන්ද්‍ර සටහන ද අවශ්‍ය නොවේ.

පුද්ගලයකුගේ මුළු ජීවිත ගමනම රඳා පවතින්නේ අංකවලින් බව ඔබ දන්නවාද? උපන්දිනය , අකුරු කියවූ දිනය, පාසලට මුලින්ම ඇතුළත් වූ දිනය, විභාග සමත්වූ දිනය, විභාග අංකය, හැඳුනුම්පත් අංකය, රියැදුරු බලපත් අංකය, වාහන තහඩු අංකය, බැංකු ගිණුම් අංක, විවාහ ගිවිසගත් දිනය, සහ නිවසේ අංකය සමග එකී නොකී අංක සියල්ලම පුද්ගලයකුහට එදිනෙදා භාවිත වන අංක වනවා නේද?

මේ අංකවලත් බොහෝ වේලාවට එකිනෙක බැඳෙන සහ නොසිතූ විධියට සමානුපාතිකව ගැළපෙන අංක හිමිවී ඇති බව ඔබ කල්පනාකාරීව සිතා බලන කල සමහරවිටකදි පුදුමාකාර ලෙස පෙළ ගැසී ඇති බව පෙනෙනවා නොවේද?

අපගේ මුළු ජීවිත ගමනම අංක මත රඳා පවතින අතර කිසියම් මොහොතකදී මරණය ද එක්තරා දිනයක අංකයකින් නිමා වන බව අප දන්නවා.

මඳක් සිතා බලන්න. පුද්ගලයකුගේ පුද්ගලික ගති ලක්ෂණ සලකා බැලූ කල 80% ක් පමණ සත්‍ය සිදුවීම් බවත්, සමහර විටෙකදී පමණක් තොරතුරු සියල්ල සත්‍යයක් බවද හෙළිදරව් වෙනවා.

කිසියම් පුද්ගලයකුගේ පුද්ගලික අංකයෙන් ඔහුගේ හෝ ඇය සතු පුද්ගලික ගති ලක්ෂණ පමණක් පෙන්වා දෙනවා.

ඒවගේම පුද්ගලයෙකුහට දෛව අදකයක්ද හිමිවී තිබෙනවා. දෛව අංකයේදී අප ලබාගන්නේ ඔහු හෝ ඇයගේ පෙර සසරේ ගති , පුරුදු සහ ඉරණම ආදී කරුණු වන බවත් සංසාර ගමනේ රැගෙන එන පින්, පව්වල ප්‍රතිඵල සමග ලබාදෙන හිමි, අහිමි දෛවෝපගත ප්‍රතිඵලයන්වල එකතුවක් පමණි.

කෙනකුගේ පුද්ගලික ගති ලක්ෂණ සිතාමතා කල්පනාකාරීව වෙනස් කරගැනීමට හැකියාවක් තිබෙන නමුත් සංසාරික උරුමයන් තුළ රැගෙන එන සමහර ප්‍රතිඵල අපට වෙනස් කර ගැනීමට මඳක් අපහසුයි.

තවද දෛව අංකය ප්‍රබල වීමෙන් ඔහුට හෝ ඇයට තම ඉදිරි සංසාර භව ගමන සුබවාදී ලෙස නිර්මාණය කරගැනීමටත් ලැබුණු මහඟු දායාදයක් වුවද සමහර උදවිය ඒ ගැන නොතකා ඉදිරි භව ගමනට බාධක, වැටකඩුලු එක් කර ගන්නේද තමා නොදැණුවත් කම නිසාමය.

දෛව අංක 01 සිට 09 දක්වා අංකනය කර ඇත.

තමාගේ උපන්දිනය සටහන් කරගෙන එය තනි අගයකට එකතු කර ගැනීමෙන් “දෛව අංකය” ලබාගැනීමට පුළුවන්.

උදාහරණයක් ලෙස 1980 / 05/ 09 දින උපත ලද ජන්මියකුගේ දෛව අංකය කුමක්දැයි බලමු.

එය මේ ආකාරයට ලියා එකතු කරගන්න.

1+9+8+0 +0+5 +0+9 = 32 නැවතත් 3+2 = 05 ලෙස සටහන් කර ගනිමින් තනි අගයකට එකතු කරගන්න. එහි එකතුව 05 වන අතර එම පුද්ගලයාගේ දෛව අංකය 05 වනවා.

මෙම දෛව අංක වලද ප්‍රබල අංක සහ දුබල දෛව අංක තිබෙන අතර දෛව අංක 01 , 03 , 06 , සහ 09 ප්‍රබල දෛව අංක ලෙසත් අංක 04 සහ 08 දුබල දෛව අංක ලෙසත් අංක 02 , 05 , 07 මධ්‍යස්ථ දෛව අංක ලෙසත් හඳුන්වනවා.

පුද්ගලයකුගේ සංසාර භව ගමනේ රැගෙන ආ ඉරණම මේ අංක තුළ ගැබ්වී තිබෙනවා.

ඒ වගේම අංක විද්‍යාව තුළින් පුද්ගලයකු භාවිත කරන නම එම පුද්ගලයාගේ ජීවන ගමනෙහි වාසනාව, අවාසනාව, හිමි, අහිමිකම්, ජය , පරාජය සහ බාධක කියාපාන බව ඔබ දන්නවාද?

ඔබ භාවිතා කරන නමෙහි බලය අංක විද්‍යානුකූලව ගණිතමය වටිනාකම දැන ගැනීමේ කැමැත්ත ඔබ සතුව ඇති බව ඉතාමත් වටිනවා. උප්පැන්න සහතිකයේ තිබෙන නම නොව පුද්ගලයාට නිවසේ , කාර්යාලයේ , යහළු , යෙහෙළියන් හඳුන්වනු ලබන නාමය මේ සඳහා බලපානු ඇත. උදාහරණයක් ලෙස කාන්තාවකගේ උප්පැන්න සහතිකයේ තිබෙන නමට අමතරව ඇයට කවුරුත් හඳුන්වන නම “කුමාරි” යැයි සිතමු. ඇයට “කුමාරි” යන නමෙහි බලය ක්‍රියාත්මක වන අතර එම නම නිතර නිතර විශ්වයට මුදා හැරීමේදී එහි බලය අයහපත් ලෙස ක්‍රියාත්මක වෙනවා.

අංක විද්‍යානුකූලව නාමකරණයේ දී “කුමාරි” යන නමට ලැබී ඇති අංකනය ඉතාමත් සුදුසු නොවන අගයක් ඇති හෙයින් එම නම වෙනුවට භාවිතයට සුදුසු ලෙස එක් අංකයකින් හෝ නමෙහි බලය අඩු වැඩි කරගනිමින් භාවිතයට ගැනීම කළයුතු වෙනවා….

අංක විද්‍යානුකූලව නාමකරණයේ දී ඒ ආකාරයට භාවිතයට සුදුසු, නුසුදුසු නම් බහුලව පවතින බැවින් කල්පනාකාරීව තමාට සුදුසුම නමක් විශ්වයට මුදා හැරීමට ඔබත් දැණුවත් කෙනකු වන්න.

නිතර විශ්වයට මුදාහරින නමෙහි අංක විද්‍යාත්මක ගුණාත්මක භාවය තුළින් ජීවන ගමනෙහි නොසිතූ වෙනසක් ඇතිකර ගැනීමට බුද්ධිමත් ඔබද වාසනාවන්තයකු වන්න….

ඔබට ජය !!!

අංක විද්‍යාවේදිනී
විශ්‍රාමලත් හෙද නිලධාරිනී
චන්ද්‍රිකා හේරත්
මහනුවර
070 – 7733337

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here