ශ්‍රී ලංකාවේ කතෝලික දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීමට සහ උන්වහන්සේගේ අවමංගල්‍යය කටයුතුවලට සහභාගී වීම සඳහා මන්ත්‍රීවරුන් වන කවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි අද (24) පස්වරුවේ
වතිකානය බලා දිවයිනෙන් පිටත් වී යාමට නියමිතයි.
ඔවුන් අද පස්වරු 06.40ට ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 217 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර බලා පිටත්ව යන බවයි පැවසෙන්නේ.
අබුඩාබි නුවර සිට තවත් ගුවන් යානයකින් රෝමයේ වතිකානු නුවර බලා මන්ත්‍රීවරුන් දෙපළ පිටත්ව යනු ඇති.
Saru FM Media