ළමයින්ට ආයෙත් ලෙඩක්! Sri Lanka Latest News

0
17


පසුගිය සතියේ සිට ඉන්ෆ්ලුවෙන්සා ‘ඒ’ සහ ‘බී’ වෛරසය ළමුන් අතර පැතිර යෑමේ අවදානමක් ඇති බව එවැනි අන්දමට වෛරසය බෝවුණු උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇති ළමුන්ගෙන් අනාවරණ වී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘මව්රට’ ට පැවැසීය.Sri Lanka Latest News

එවැනි අන්දමේ රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් වෙන්ගෙන් වෙනත් අයට රෝගය බෝවන නිසා මුඛ ආවරණ පලඳින ලෙස වෛද්‍යවරයා අදාළ රෝගීන්ගෙන් ඉල්ලීමක්ද කර ඇත.

මෙම වෛරසය නිධන්ගත රෝග ඇති පුද්ගලයන්ට මෙන්ම අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට වැලඳීමෙන් තරමක ශ්වසන අපහසුතා මෙන්ම නිව්මෝනියා තත්ත්වයන්ට පත්විය හැකි බැවින් රෝග ලක්ෂණ ඇති වූ වහා ප්‍රතිකාර ගතයුතු බවයි වෛද්‍ය දීපාල් පෙරේරා පෙන්වා දෙන්නේ.

මෙම වෛරසය දැනට කොළඹ සහ අවට ප්‍රදේශවල පැතිර පවතින බවට වාර්තා වී ඇති බවද හෙතෙම පැවැසීය.

ප්‍රේමලාල් විජේරත්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here