හෝමුස් සමුද්‍ර සන්ධියට රටවල් හයක් මැදිහත් වේ… – Saru News | සිංහල

0
7

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව දියත් කර තිබෙන යුද්ධය මූලෝපායික වැදගත්කමකින් යුක්ත ඉරානයට අයත් හෝමුස් සමුද්‍ර සන්ධිය ඉන්ධන ප්‍රවාහනය ඇතුළු ගමනාගමන කටයුතුවලට විවෘත කර ගැනීම වෙනුවෙන් රටවල් හයක් ඒකාබද්ධව නව රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

බ්‍රිතාන්‍යය, ප්‍රංශය, නෙදර්ලන්තය, ජපානය, ඉතාලිය සහ ජර්මනිය එම රටවල් වේ. මෙම රටවල් හයේ රාජ්‍ය නායකයන් ඍජුව මැදිහත් වී හෝමුස් සමුද්‍ර සන්ධිය නාවික ගමනා ගමනය සඳහා ආරක්ෂාකාරී බව තහවුරු කිරීමට යෝජනාවලියක් ඉරානයට ඉදිරිපත් කර ඇත. මේ අතර අද (20) උදෑසන වනවිට ලෝක වෙළඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 119ක් දක්වා වාර්තාගත ඉහළම මිලකට ළඟාවී තිබිණි.

පවතින යුදමය තත්වයට ඉරානය නව ප්‍රහාරක උපක්‍රම මගින් ප්‍රවේශ වී ඇති බවට ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දී ඇත. ඇමෙරිකානු F 35 ප්‍රහාරක යානයක් ඉරානය විසින් බිම දමා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය මගින් වාර්තා කර තිබෙන්නේ මෙම පසුබිම තුළය. එහෙත් ඇමෙරිකාව සඳහන් කරන්නේ යාන්ත්‍රික දෝෂයකට ලක්වූ එම යානය නිරුපද්‍රිතව එය ගොඩබැස්වූ බවය.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here