හෙරොයින් ළඟ තබාගත් දෙදරු පියාට ජීවිතාන්තය තෙක් සිරදඬුවම්

0
11


හෙරොයින් මත්කුඩු කුඩු ග්‍රෑම් 6.95ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 37 හැවිරිදි දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් එම තීන්දුව ලබා දුන් බවයි.

2013 වසරේ අප්‍රේල් මස 07 වනදා කොටහේන ප්‍රදේශයේ දී මෙම විත්තිකරු හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන තිබුණා.

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනුකරනු ලැබුවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බව සඳහන් කළා.

ඒ අනුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here