වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 මිලිග්‍රෑම් 960ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වැල්ලම්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
එමෙන්ම මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 147 මිලිග්‍රෑම් 900ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 42ක් වන සමිත්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Saru News










