හෙද සේවයේ වැඩිම පිරිසකට පත්වීම් ප්‍රදානය අද

0
6


මෙරට හෙද සේවය සඳහා බඳවාගත් 3,147 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයක් අද පෙරවරුවේ අරලියගහ මන්දිර පරිශ්‍රයේ රැස්වීම් ශාලාවේ දී පැවැත්වෙනවා. 

මෙරට හෙද සේවා ඉතිහාසයේ වැඩිම පිරිසකට එකවර පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලබන පළමු අවස්ථාව මෙය වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. 

මෙම උත්සවයට සමගාමීව හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනෙකු සඳහා උසස්වීම් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුකිරීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන එම උත්සවයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here