ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හෙට (06) පෙවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට නියමිතයි.
ඒ හේතුවෙන් අනුරාධපුර නගරය ආශ්‍රිතව හෙට (06) විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරනවා.
පෙරවරු 8 සිට දහවල් දක්වා අනුරාධපුර ගුවන් තොටුපළ පාර, රෝහල් වට රවුම, අලියා වට රමුව, ජයන්ති වට රවුම හා උඩමළුව මාර්ගය, වරින් වර වසා දැමෙන බව පොලීසිය පවසනවා.
විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
Saru FM Media