හිසකෙස්වල ගැටළු සඳහා විශ්මිත කළුදුරු තෙල් නිවසේදී සාදා ගන්නේ මෙහෙමයි

0
12


හිසකෙස්වලට සම්බන්ධ සියලුම ගැටලු නිරාකරණය කර ගන්න පුළුවන් විශ්මිත තෙල් වර්ගයක් ගැනයි අද අපි කියලා දෙන්න යන්නේ .හිසකෙස් වර්ධනය නොවීම තමයි වර්තමානයේ හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නය ඒ වගේම තමයි හිසකෙස් තුනී වීම, හිස්සොරි ඇති වීම , හිසකෙස් වල් අගිස් පැලීම , අකලට කෙස් පැසීම , කොණ්ඩය වේලීම යන මේ සියලුම ගැටලුවලට හොඳ විසදුමක් තමයි අද මං මේ කියලා දෙන්න යන කළුදුරු තෙල් එක.

අකලට හිසකෙස් යාමට විසඳුමක් ලෙස ද කළුදුරු තෙල් භාවිතා කළ අක්මාවේ ක්‍රියාකාරීත්වය දුර්වල වූ අයට අක්මාව නැවත යථා තත්ත්වයට පත් කරගන්නට, පිළිකා අවදානම අවම කරගන්නට, හෘද සෞඛ්‍යය ඉහළ නංවන්නට, ලිංගික නිසරු බව දුරු කරන්නට සහ කාමෝද්දීපනයට මෙන්ම, දත් කැක්කුම් වලට සහනය දීමේ අපූරු හැකියාවන් ද කළුදුරු සතු වනවා.

ස්නායු හා මානසික රෝග, හෘද වාහිනී ආබාධ, පිළිකා, දියවැඩියාව, ප්‍රදාහ තත්වයන් සහ වඳභාවය මෙන්ම බැක්ටීරියා, දිලීර, පරපෝෂිත ආසාදන වැනි විවිධ බෝවන රෝගවලට එරෙහිව ප්‍රතිශක්තීකරණ පද්ධතිය සූදානම් කිරීමට ද කළුදුරු තෙල් සතු තයිමොක්විනෝන් (thymoquinone) ඉවහල් වනවා.

බ්ලෙන්ඩර් කප් එකක් රැගෙන ඉහත ප්‍රමාණවලින් කළුදුරු ඇට ,උළු හාල් , කළු තල ඇට දමා හොදට බ්ලෙන්ඩර් කර ගන්න

පසුව ඔලිව් තෙල් සහ පොල්තෙල් සහ බ්ලෙන්ඩර් කර ගත් පවුඩර් ඩබල් බොයිල් කර ගන්න ඕනි.හොදට කලවම් කර ගන්න (ලිප මද ගින්නේ තියා ගන්න)

විනාඩි 10ක් පමණ මෙය හොදට ඩබල් බොයිල් කර ගත යුතුයි.

විනාඩි 10කින් පසු මෙය ලිපෙන් බාගෙන නිවෙන්නට හරින්න.

හරියටම දවසක් හොඳට පියනකින් වසා තබා ගන්න

නාන්න පැය 1/2කට පෙර හිස්කබලේ මෙම තෙල් එක හොඳින් ආලේප කර ගන්න

පසුව විනාඩි 10ක් පමණ හොඳීන් මසාජ් කරන්න

සැලකිය යුතු කරුණු

හොද ප්‍රතිඵල ලබා ගැනීමට සතියට දින තුනක්වත් මෙය භාවිතා කරන්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here