හිටපු සමාජ සේවා නිලධාරියෙකු අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

0
5

කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු සමාජ සේවා නිලධාරියෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු ඊයේ 24 වැනි දින පස්වරු 12.45ට පමණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හි විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහා ලේකම් කාර්යාලය මඟින් එක් දරුවෙකු සඳහා එක් වතාවක් පමණක් ලබාදෙන රුපියල් 10,000ක අධ්‍යාපන ආධාර මුදල, දරුවන් දෙදෙනෙකුගේ නමින් ලබාගෙන එම මුදල් අදාළ දරුවන්ට ලබා නොදී පුද්ගලික පරිහරණයට යොදා ගත් බවට ඇති චෝදනා මත මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අඅත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here