හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චන්දන කත්රිආරච්චි මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
T-56 මැගසින් දෙකක්, පතොරම් 221ක් සහ අත්බෝම්බයක් සමග ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසය අද (16) පෙරවරුවේ හිටපු මන්ත්රීවරයාගේ පිළියන්දල පිහිටි නිවෙස පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී මෙම අවිආයුධ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පැවසීය.
Saru News












