හිටපු ජනාධිපති ගෝටාබය ඇතුළු පිරිසකට නොතීසි – Saru News | සිංහල

0
13

හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂ, හිටලු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, හිටපු නාවික හමුදාපති නිශාන්ත උලුගේතැන්න, හිටපු ඇමති ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසකට මූල්‍ය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වන මූලික අයිතිවාසිකම් පෙත්සම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

2022 වසරේ මැයි මස 09 වනදා අරගලයට පහර දීමෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන්වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන් නීතියට පටහැණි ලෙස වන්දි ලබා ගත් හිටපු මැති ඇමැතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, හිටපු නාවික හමුදාපති නිශාන්ත උලුගේතැන්න, හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, ටිරාන් අලස් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් අල්විස් නම් කර සිටී.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ විසිණි.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here