හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

0
17

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කරමින් ගොනුකර ඇති නඩුව අද (28) යළි කැඳවීමට නියමිතව තිබේ.

ඒ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ය.

2023 වසරේදී එවකට ජනාධිපතිවරයාව සිටියදී සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එංගලන්තයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් දින එකහමාරක් තුළ රුපියල් ලක්ෂ 166ක මුදලක් අවභාවිතා කළ බවට චෝදනා කරමින් පසුගිය වසරේදී රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කෙරෙනු අතර ඒ මහතාව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත නිදහස් කෙරිණි.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය සඳහන් කර තිබුණේ මෙම සංචාරය එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්යාලයෙන් ලද නිල ආරාධනයකට අනුව සිදුකළ නිල සංචාරයක් බවකි.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා එංගලන්තය බලා ද ගොස් තිබිණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here