රෂිකා හෙන්නායක අප්‍රේල් 02, කොළඹ LNW :
පුනර්ජනනීය බල ශක්තිය පිළිබඳ යෝජනා සදහා ආණ්ඩුවට සහාය ලබා දෙන බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය .
ඒ පිළිබදව කළ විශේෂ ප්‍රකාශය පහතින්,
“2023-2024 සමයේ දී අපේ ආණ්ඩුව පුනර්ජනනීය බල ශක්තිය පිළිබඳ යෝජනා ගණනාවක් අනුමත කළා.අප ඒ වැඩ කටයුත්ත කළේ මේ රටට එම බලශක්තිය වුවමනා වූ නිසයි.
එම විදේශ ආයෝජන සමග රටේ අලුත් ආයෝජන ඇති කිරීමට ඒ බලශක්ති යෝජනා ක්‍රම සඳහා විදේශ ආයෝජන ලැබුණා.
ඩොලර් බිලියන දෙකක් හෝ දෙක හමාරක පමණ ව්‍යාපෘති අප ඒ අනුව අනුමත කළා.
මෙම ව්‍යාපෘති අනුමත කරන අවස්ථාවේදී එක් එක් ව්‍යාපෘති වෙනුවෙන් කමිටු වලින් මිල නම් කළා.
ඊට හේතු ගණනාවක් තිබෙනවා.
මේ වැඩ කටයුත්ත කළේ ඒ කාරණා සියල්ල සලකා බැලීමෙන් පසුවයි.
අදානි සමාගම සහ හේලීස් සමාගම සම්බන්ධයෙන්ද මා සඳහන් කරන්න කැමතියි.
Saru FM Media