හැම කාලෙටම ගැළපෙන කුර්තා ස්ටයිල්

0
5

ඉන්දියානු කුර්තා එකක් කියන්නේ අද කාලේ අපේ රටේ ගැහැනු ළමයින් අතරත් ගොඩක් ජනප්‍රිය ඇඳුමක්. ඒකේ තියෙන ලස්සන වගේම පහසුව නිසා ඕනෑම ගමනකට බය නැතුව අඳින්න පුළුවන්. හැබැයි ඉතින් නිකම්ම කුර්තා එකක් ඇන්දට මදි, ඒක ගැලපෙන විදියට ගැළපෙන්න ස්ටයිල් කළොත් තමයි ඔයාගේ පෙනුම කැපිලා පේන්නේ.

1.Floral Printed කුර්තා

මල් පිපෙන, පරිසරය ලස්සන වෙන කාලෙට කුර්තා තෝරගද්දී ලා රෝස (Blush pink), ලා නිල් (Powder blue) හෝ මින්ට් කොළ වගේ ඇසට ප්‍රිය වර්ණ තෝරාගන්න.

මල් ප්‍රින්ට් කරපු ලා පැහැති කුර්තා එකක් පලසෝ එකක් හෝ ඇන්කල් ලෙන්ත් සායක් එක්ක අඳින්න. රිදී පාට ලොකු ජුම්කා දෙකක් දාලා, කොණ්ඩයට මල් මාලයක් වගේ දෙයක් පාවිච්චි කළොත් හරිම ලස්සන පෙනුමක් ලැබෙනවා.

2.Cotton Kurta

දැඩි රස්නය තියෙන දවස්වලට කුර්තා එකක් තරම් සුවපහසු ඇඳුමක් තවත් නැහැ. මේ කාලෙට අත් නැති (Sleeveless) හෝ කොට අත් තියෙන ඒ ලයින් (A-line) කුර්තා පාවිච්චි කරන්න. රෙදි වර්ගය විදිහට කොටන් හෝ ඛාදි තෝරගන්න එක ඇඟට සහනයක්.

සිගරට් පෑන්ට් (Cigarette pants) එකක් එක්ක ලා පාට කුර්තා එකක් ඇඳලා, කොණ්ඩය උඩට කරලා බඳින්න . ඔක්සිඩයිස් කරපු ජුවලරි සහ ජුට් බෑග්  එකක් පාවිච්චි කළොත් නියම මොඩන් ලුක් එකක් එනවා.

3. Monsoon Kurta

වැස්ස කාලෙට මඩ ඉහිරෙන එකයි, ඇඳුම් තෙමෙන එකයි ලොකු ප්‍රශ්නයක්නේ. ඒ නිසා මේ කාලෙට ඉක්මනින් වේලෙන රෙදි වර්ග තෝරගන්න.

කකුලට වඩා උඩින් තියෙන (Ankle-length) ලෙගින්ස් හෝ පෑන්ට් පාවිච්චි කරන්න. තද කොළ, මඩ පාට හෝ නිල් වගේ වර්ණ මේ කාලෙට පට්ටම ගැළපෙනවා. ප්‍රින්ටඩ් ස්කාෆ් එකක් සහ ලස්සන කුඩයක් පාවිච්චි කළොත් වැස්ස වෙලාවටත් ඔයා ස්ටයිලිෂ් විදිහට ඉන්න පුළුවන්.

4.Party Kurta

සීතල කාලෙට ටිකක් ඝනකම් රෙදි  පාවිච්චි කරන්න පුළුවන්. වේල්වට් කුර්තා එකක් කියන්නේ මේ කාලෙට පට්ටම රාජකීය පෙනුමක් දෙන විලාසිතාවක්.

දිග කුර්තා එකක් (Long Kurta) එක්ක සිල්ක් පෑන්ට් එකක් ඇඳලා, උරහිසට ලස්සන ෂෝල් (Shawl) එකක් දාන්න. තද පාට ලිප්ස්ටික් එකක් සහ අත පුරා වළලු දැම්මම ඕනෑම සාදයකට ඔයා තමයි ලස්සනම.

5. Festive Kurta

මංගල උත්සවයක් හෝ ආගමික උත්සවයක් නම් කුර්තා එක අනිවාර්යයෙන්ම වැඩ දාපු එකක් වෙන්න ඕනේ. මිරර් වර්ක් (Mirror work), චිකන්කාරි (Chikankari) හෝ ගෝටා පට්ටි වගේ වැඩ දාපු කුර්තා මේකට පට්ටම ගැළපෙනවා.

කුර්තා එකත් එක්ක ලොකු පලසෝ (Sharara) එකක් හෝ ලෙහෙන්ගා සායක් අඳින්න.ලස්සන පොට්ලි බෑග් (Potli bag) එකක් සහ නළලට පොඩි බින්දුවක් (Bindi) තිබ්බම උත්සව පෙනුම සම්පූර්ණයි.

නියමයි, කුර්තා විලාසිතාව සම්පූර්ණ වෙන්න නම් ඒකට ගැළපෙන ඇක්සසරීස් පාවිච්චි කරන එක අනිවාර්යයි. සරල කොටන් කුර්තා එකක් වුණත් ලස්සන සහ ස්ටයිලිෂ් එකක් කරගන්න පුළුවන් රහස තියෙන්නේ ඔයා ඒකට එකතු කරන මේ පුංචි දේවල් අස්සේ.

කොටන් කුර්තා කියන්නේ ලෝකේ කොහේ හිටියත් ඕනෑම ගමනකට, වැඩකට, උත්සවයකට අඳින්න පුළුවන් කැෂුවල් වගේම සැපපහසු ඇඳුමක්. ඔයා ඔෆිස් යනවා වුණත්, යාළුවෝ එක්ක එළියට යනවා වුණත්, එහෙමත් නැත්නම් මගුල් ගෙදරක යනවා වුණත් මේ කොටන් කුර්තා එකක් කියන්නේ විශ්වාසවන්ත තේරීමක්. හැබැයි ඉතින්, නිකම්ම සරල කුර්තා එකක් ඇඳලා ඉන්නවාට වඩා ඒක “කැපී පෙනෙන” එකක් කරගන්න පුළුවන් ඔයා ඒකට දාන කරාබු, මාල, බෑග් සහ සෙරෙප්පු නිවැරදිව තෝරාගත්තොත් විතරයි.

ඇක්සසරීස් පාවිච්චි කරද්දී දැනගන්නම ඕන “ට්‍රික්ස්” ටිකක්

  • සමබරතාවය: ඔයාගේ කුර්තා එකේ ගොඩක් එම්බ්‍රොයිඩර් වැඩ දාලා තියෙනවා නම්, ඔයා දාන ජුවලරි හරිම සරල  වෙන්න ඕනේ. ඒ වගේම කුර්තා එක හරිම ප්ලේන් එකක් නම්, ටිකක් ලොකු කරාබු දෙකක් හෝ මාලයක් දාලා ඒක කැපී පෙනෙන විදිහට ස්ටයිල් කරන්න.
  • පාටවල් එක්ක සෙල්ලම් කරන්න: කුර්තා එකේ පාටට වඩා හාත්පසින්ම වෙනස් පාටක මාලයක් හරි ස්කාෆ් එකක් හරි පාවිච්චි කරලා බලන්න. ඒකෙන් ඔයාගේ පෙනුමට අමුතුම දීප්තියක් ලැබෙනවා.
  • හැමදේටම ගැළපෙන දේවල් රිදී පාට ජුවලරි, නියුට්‍රල් පාට බෑග් සහ පින්ටඩ් ස්කාෆ් කිහිපයක් ඔයා ළඟ තියාගන්න. මේවා ඕනෑම කුර්තා එකක් එක්ක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්.
  • අලුත් දේවල් අත්හදා බලන්න: පරණ විදිහටම ඉන්නේ නැතුව, කුර්තා එකට බෙල්ට් එකක් දානවා වගේ නැත්නම් මාල කිහිපයක් තට්ටු විදිහට දානවා වගේ අලුත් ට්‍රෙන්ඩ්ස් ට්‍රයි කරලා බලන්න

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here