හැමදේටම නිදහසට කරුණු කියන පුරුද්දෙන් ගැලවෙන්නෙ මෙහෙමයි…

0
14


ඔබේ පවුලේ, කාර්‍යාලයේ එහෙමත් නැත්නම් නෑදෑ හිතමිතුරන් අතරෙත් හැමවෙලේම නිදහසට කරුණු කියන පුද්ගලයො ඉන්නවද?

ඔබ ගැන හොඳින්ම දන්නෙ ඔබනෙ.

ඔබත් සමහරවිට එහෙම කෙනෙක් වෙන්න ඇති.

අනිත් අය වෙනස් කරන්න උත්සහ කිරීමට වඩා තමන් වෙනස් වෙන්න උත්සහ කිරීම වඩා වටින නිසා හැමදේටම නිදහසට කරුණු කියන මේ පුරුද්දෙන් ගැලවෙන්න පාර පෙන්නන්නයි මේ ලිපිය හරහා අපි අද සූදානම් වෙන්නෙ.

ඒත් ඊට කලින් මුලින්ම අපි බලමු හැමදේටම නිදහසට කරුණු කියන මේ පුරුද්ද ඇතිවෙන්න හේතු මොනවද කියල?

හොඳයි. දැන් අපි බලමු පියවරෙන් පියවර මේ පුරුද්දෙන් ගැලවෙන්න නම් අපිට අනුගමනය කරන්න පුළුවන් සරල ක්‍රියාමාර්ග මොනවද කියල?

ඔබේ ජීවිතයේ ඕනෑම වෙලාවක ඔබේ සවියට ඔබ වටා ශක්තිමත් පවුරක් විදිහට බැඳුණු ආදරණීයයන් ඉන්න පුළුවන්. හරියට ඔබේ දෙමාපියන්, ඥාතීන්, යහළුවන් සහ සේවකයන් වගේ. 

නමුත් ජීවිතයේ කිසියම්ම හෝ අවස්ථාවක ඔබට ඔබ පමණක් සිටින මොහොතක් එළඹෙන්න පුළුවන් කියන කාරණාව ඔබ හොඳින් මතකයේ තබාගත යුතුයි. 

ඒ වගේ මොහොතක තනිව නැඟී සිටීමට සහ තනිව තීරණ ගැනීමට ඔබට සිද්ධ වෙනවා. 

ඔබේ ජීවිතය ගමන් කළ යුතු මාර්ගය ඔබම තෝරගන්න, ඔබ වෙනුවෙන් පෙනී ඉන්න, ඔබ ලබන ජයග්‍රහණයන් වල හිමිකරු ඔබම බව වගේම පරාජයන් වලට අන් අය වගකිය යුතු නැතිබව ඔබ තේරුම් ගැනීම අත්‍යාවශ්‍යයි. 

එක්වරම විශාල වගකීම් ඔබ වෙත පවරා ගන්න අවශ්‍ය වෙන්නෙ නෑ. 

ආරම්භයක් ලෙස මුලින්ම ප්‍රමාද වීම හෝ අතපසු වීම ගැටළුවන් නොවෙන වගකීම් භාරගන්න ඒව ඔබට හැකි පමණ හොඳින් ඉටුකරන්න ඔබට පුළුවන්. මේ විදිහට ටිකෙන් ටික පියවරෙන් පියවර ඉදිරියට ගියොත් විශාල වගකීම් ගන්න ඔබ නොදැනුවත්ම ඔබට හැකියාව ලැබේවි. 

ඕනෑම දෙයක් දිහා ප්‍රශ්නයක් දිහා බලනව වගේ බැලුවොත් එය ඔබට දැඩි මානසික පීඩාවක් ගෙන දේවි.

ඒ වගේම හැමවෙලේම නිදහසට කරුණු කියන පුද්ගලයෝ ප්‍රශ්න එක්ක සටන් කරනවට වඩා ප්‍රශ්න වලින් පැනල යන්න වැඩිපුර උත්සහ දරන බවත් හඳුනාගන්න පුළුවන්. 

ඒ නිසා ඔබ ප්‍රශ්නයක් දෙස බැලීමේදී එය ඔබට යම් දෙයක් ලබා ගැනීමට, ඉගෙන ගැනීමට සහ අනාගතයේ නැවත එවන් දේකට මුහුණ දීමට ඔබව සූදානම් කරන අවස්ථාවක් ලෙස සිතා කටයුතු කලොත් ඒ තත්වය වඩා හොඳින් කළමණාකරාණය කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. 

කුඩා කාලයේ ඉඳන්ම කූඩුවක ඇති දැඩි කරපු කුරුල්ලෙක් කූඩුවෙන් නිදහස් කලත් ඔවුන් නැවත කූඩුවටම පියාඹගෙන එන බව ඔබ දැකල ඇති. 

කූඩුවෙන් එහා නිදහසේ පියාඹන්න පුළුවන් අහසෙ ඉඩකඩ සීමා නැතිබව, කූඩුවේදී ආහාරයට ගත් පළතුරු වලට වඩා වෙනස් රසැති පළතුරු ඇතිබව සහ තමන්ගෙම වර්ගයේ කුරුළු රෑන් බාහිර පරිසරයේ එක්ව වාසය කරන බව ඔවුන් නොදැනුවත් වීම ඊට හේතුවයි.

ඒ නිසා සිය සුවපහසු ආරක්ෂාකාරී ලෝකයෙන් ඉවත් වෙන්න ඔවුන් අසීමිත බයක් දක්වනවා. 

එහෙත් පියවරෙන් පියවර හෙමින් හෙමින් ඔබ විසින් හෝ වෙනත් පුද්ගලයන් විසින් ඔබට පැනවූ සීමාවන්ගෙන් එළියට එන්න ඔබට පුළුවන්. 

ඔබේ සවියට ඔබේ ආරක්ෂාවට ඔබේ සමීපතමයන් සිටින අවස්ථාවක ඒ සඳහා උත්සහා කිරීම තනිවූ විට අනිවාර්‍යෙන් ඔබේ සීමාවන්ගෙන් ඉවතට පැමිණීමට වඩා වඩා යහපත් වෙනවා නොඅනුමානයි. 

ඕනෑම වෙලාවක නිදහසට කරුණු කියන්න සූදානම් වෙලා ඉන්න පුද්ගලයන් සතු තවත් ලක්ෂණයක් තමයි ඔවුන් ඔවුන්ගේ වැරදි සහ අඩුපාඩු නිසිලෙස අවබෝධ කර නොගැනීම.

ඔවුන් ඕනෑම වෙලාවක අන් අයට සිදුවූ දේ වෙනුවෙන් දෝෂාරෝපණය කිරීමට සහ වරද පැටවීමට උත්සහ කරන බවක් දකින්න ලැබෙනවා.

ඒ නිසා ඔබ අතින් වැරදි සිදුවිය හැකි බව අවබෝධ කරගැනීම, වැරැද්දක් සිදුවූ විට එය පිළිගැනීම, ඉන් සිදුවූ හානිය වෙනුවෙන් වගකීම භාර ගන්න වගේම වැරැද්ද නිවැරදි කරගැනීමත් ඉතා වටිනවා. 

අතීතයේ සිදුවීම් ගැන සිතමින් පසුතැවිලි වීමෙන්, අනාගතයේ සිදුවිය හැකි දේවල් ගැන සිතමින් කලබල වීම හෝ බිය වීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොලැබෙන බව ඔබ සිහිතබා ගත යුතුමයි. 

අපිට අතීතය වෙනස් කරන්න හැකියාවක් නැහැ වගේම අනාගතය උපකල්පනය කිරීමේ හැකියාවකුත් නැහැ. 

අනාගතයේ ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තරම් ශක්තිමත් පුද්ගලයෙක් සෙමෙන් ඔබ තුළ නිර්මාණය කර ගැනීම මේ සඳහා ඇති හොඳම විසඳුම බව ඔබ සිහිතබා ගත යුතුමයි. 

එහෙමනම් ආරම්භයක් විදිහට ටිකෙන් ටික වගකීම් ගන්න ගමන් ඔබේ ජීවිතයට කෙටි කාලීන ඉලක්ක ගොඩනඟා ගෙන ඒවා ටිකෙන් ටික සම්පූර්ණ කරමින් ඉදිරියට යන්න ඔබට පුළුවන්. 

ඔබේ ඉලක්කය කොතරම් සරල වුනත්, ඔබේ ඉලක්කය කොතරම් පහසු වුනත් ඒ වෙනුවෙන් ඔබට හැකි උපරිමයට මහන්සි වෙන්න වැඩ කරන්න ඔබට පුළුවන්.

අවසාන ප්‍රතිඵලය විදිහට ඔබ ගැන, ඔබ ආ ගමන් මඟ ගැන ආඩම්බර වන පුද්ගලයෙක් ඔබ තුළින්ම බිහිවෙන බව අපිට විශ්වාසයි. 

එහෙමනම්, ඔබවම වෙනස් කරගන්න, සුවපහසු සහ ප්‍රියදායක පුද්ගලයෙක් වෙන්න තීරණය කරන ඔබේ ගමනට smart lady අපේ සුබ පැතුම් එක්කරන්න අපි කැමතියි. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here